සඳට නොපෙනේවි කිරි බබළනා සඳ පහන
මලට නොපෙනෙන සේම මලේ රූ සිරි වරුණ
මිතුර නොපෙනෙයි අපට
කවුරුන්ද අප දෙදෙන
මිතුර නොපෙනෙයි අපට
කවුරුන්ද අප දෙදෙන....
කන්ද පා මුල සිහිල උල්පතකි දිය රැඳුන
ඒ සිහිල නොදනීය කිසිදාක කඳු මුදුන
මිතුර නොපෙනෙයි අපට
කවුරුන්ද අප දෙදෙන
මිතුර නොපෙනෙයි අපට
කවුරුන්ද අප දෙදෙන....
තුඟු විසල් හිරු මඩල ලොවට සෙවනැලි සදන
නොදනීය තමා සෙවනැල්ල කොතැනද ඇඳුණ
මිතුර නොපෙනෙයි අපට
කවුරුන්ද අප දෙදෙන
මිතුර නොපෙනෙයි අපට
කවුරුන්ද අප දෙදෙන....
පද - රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය - රෝහණ වීරසිංහ
ගායනය - හර්ෂණ දිසානායක/සමන් ලෙනින්
සඳේ අසිරිය සඳට නොපෙනෙනා මෙන්...
මලේ රූ සිරි මලට නොපෙනෙනා මෙන්...
මිතුර නුඹ මගේ හද පිරි සෙනෙහසත්...
මා නුඹ හද පිරි සෙනෙහසත්... කිසි දිනෙක දකින්නේ නැත..!
මුලු ලොවට සෙවනැලි සදන හිරු මඩල
තම සෙවනැල්ල ඇදී ගිය අත නොදන්නා මෙන්...
තමන්ට සිසිල සදන්නේ තම පාමුල ගලන දිය උල්පත බව
කඳු මුදුන නොදන්නාක් මෙන්....
මිතුර නුඹ මගේ හද පිරි සෙනෙහසත්...
මා නුඹ හද පිරි සෙනෙහසත්... කිසි දිනෙක දකින්නේ නැත..!
නමුදු ඒ සඳ මෙන්, සිසිල බෙදමින්
ඒ මල මෙන්, සුවඳ කරමින්
ඒ හිරු මෙන්, සෙවනැලි සදමින්
ඒ උල්පත මෙන්, සිහිල දෙවමින්
මා නුඹටත්, නුඹ මටත්, නොපෙනී....
සදාකල්හිම සෙනෙහසින් හිඳිනු ඇත...
" එකිනෙකාට අපමන සෙනෙහෙ දක්වන...
එකිනෙකාගේ යහපත ගැන, සැප දුක ගැන බොහෝ සේ සිතන...
මිතුරන් දෙදෙනෙකු එකිනෙකා තේරුම් ගත නොහැකි නිසා
සදාකල්හිම වෙන්ව සිටීමේ සදාතනික ඛේදවාචකය...
සිංහල ගීත සාහිත්‍යයේ මා දුටු පලමු වතාව ".. ( සටහන ~ දේදුනු තෙන්නකෝන් ~ )
මලට නොපෙනෙන සේම මලේ රූ සිරි වරුණ
මිතුර නොපෙනෙයි අපට
කවුරුන්ද අප දෙදෙන
මිතුර නොපෙනෙයි අපට
කවුරුන්ද අප දෙදෙන....
කන්ද පා මුල සිහිල උල්පතකි දිය රැඳුන
ඒ සිහිල නොදනීය කිසිදාක කඳු මුදුන
මිතුර නොපෙනෙයි අපට
කවුරුන්ද අප දෙදෙන
මිතුර නොපෙනෙයි අපට
කවුරුන්ද අප දෙදෙන....
තුඟු විසල් හිරු මඩල ලොවට සෙවනැලි සදන
නොදනීය තමා සෙවනැල්ල කොතැනද ඇඳුණ
මිතුර නොපෙනෙයි අපට
කවුරුන්ද අප දෙදෙන
මිතුර නොපෙනෙයි අපට
කවුරුන්ද අප දෙදෙන....
පද - රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය - රෝහණ වීරසිංහ
ගායනය - හර්ෂණ දිසානායක/සමන් ලෙනින්
සඳේ අසිරිය සඳට නොපෙනෙනා මෙන්...
මලේ රූ සිරි මලට නොපෙනෙනා මෙන්...
මිතුර නුඹ මගේ හද පිරි සෙනෙහසත්...
මා නුඹ හද පිරි සෙනෙහසත්... කිසි දිනෙක දකින්නේ නැත..!
මුලු ලොවට සෙවනැලි සදන හිරු මඩල
තම සෙවනැල්ල ඇදී ගිය අත නොදන්නා මෙන්...
තමන්ට සිසිල සදන්නේ තම පාමුල ගලන දිය උල්පත බව
කඳු මුදුන නොදන්නාක් මෙන්....
මිතුර නුඹ මගේ හද පිරි සෙනෙහසත්...
මා නුඹ හද පිරි සෙනෙහසත්... කිසි දිනෙක දකින්නේ නැත..!
නමුදු ඒ සඳ මෙන්, සිසිල බෙදමින්
ඒ මල මෙන්, සුවඳ කරමින්
ඒ හිරු මෙන්, සෙවනැලි සදමින්
ඒ උල්පත මෙන්, සිහිල දෙවමින්
මා නුඹටත්, නුඹ මටත්, නොපෙනී....
සදාකල්හිම සෙනෙහසින් හිඳිනු ඇත...
" එකිනෙකාට අපමන සෙනෙහෙ දක්වන...
එකිනෙකාගේ යහපත ගැන, සැප දුක ගැන බොහෝ සේ සිතන...
මිතුරන් දෙදෙනෙකු එකිනෙකා තේරුම් ගත නොහැකි නිසා
සදාකල්හිම වෙන්ව සිටීමේ සදාතනික ඛේදවාචකය...
සිංහල ගීත සාහිත්‍යයේ මා දුටු පලමු වතාව ".. ( සටහන ~ දේදුනු තෙන්නකෝන් ~ )
sandata nopenevi... (සඳට නොපෙනේවි..) Harshana dissanayake/Saman lenin | |
16 Likes | 16 Dislikes |
1,346 views views | 609 followers |
People & Blogs | Upload TimePublished on 14 Nov 2014 |
Không có nhận xét nào:
Đăng nhận xét